අඑග්නා දූපතේ දවසක්

අඑග්නා භාවනා මධ්‍යස්ථානයේ අගොස්තු 5, 6 සහ 7 යන දිනයන්හි ශ්‍රී ලාංකිකයන් සදහා දින වෙන් කෙරේ. එහිදී මෙම දින තුනෙහිම හෝ ඔබට පහසු දින දෙකක් හෝ සම්බන්ධ වීමට ආරාධනා කරමි.
එහිදී දූපතේ සංචාරය හා භාවනා වැඩසටහන මගින් මානසික සුවය ලබාගැනීම ඔබට ලැබෙන එක් අවස්ථාවකි.
ශ්‍රමදාන වශයෙන් තිතමේධ හිමියන් සමග එක්වී භාවනා මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කිරීම් වලටද එක්විය හැකිය. ජනෙල් සෝදන්න, උයන්න, භාවනා මධ්‍යස්ථානය අවට පිරිසිදු කරන්න වගේ දේවලුත් තියෙනවා.
ලොකු කුඩා දරුවන් ඇතුළු පවුලේ සියළු දෙනාට සම්බන්ධ වන්න පුළුවන්.ඇඳ ඇතිරිලි, කොට්ට සහ ඔබට අවශ්‍ය අනෙකුත් සියල්ල මනාව සපයා ඇත.ඔබට අවශ්‍ය ආහාර රැගෙන යා යුතුය. උයාගැනීමට පහසුකම් ඇත.
හවසට බණ කතාවක් තියෙනවා. කැමති කෙනෙකුට භාවනා කරන්න පුළුවන්.
දිවයිනේ ඇවිදීමට, මුහුදේ පිහිනීමට සහ වෙරළ තීරයේ විවේක ගැනීමට හැකිය.ඔබට අවශ්‍ය නම් ඔබේ මිතුරෙකු වුවද කැදවාගෙන ඒමට හැකිය.
සැ.යු! ස්වේච්ඡා වැඩවලට වැටුප් නොලැබේ. මධ්යස්ථානයේ රැඳී සිටීම නොමිලේ! කැමති කෙනෙකුට ආධාරයක් කරන්න පුළුවන්.
ඔබ කැමති නම්, කරුණාකර sudhamma@sangha.ee වෙත ලියන්න හෝ + 372 5786 8373 අමතන්න.
ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!
Read more